01

E   |     |  

 දිනය: 2017-02-09   පිළිතුර ලබා දී ඇත 

0919/2017: හයට් හෝටල් සංකීර්ණය ඉදිකිරීම: ටෙන්ඩර් කැඳවීම

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කොල්ලුපිටිය, හයට් හෝටල් (Hyatt Hotel) සංකීර්ණය ඉදිකරන ඉඩමේ වර්ග ප්‍රමාණය කොපමණද;

             (ii)      එම ඉඩම ලබාගෙන ඇත්තේ බදු පදනමින්ද;

           (iii)      එසේ නම්, ඒ කවර ආයතනයෙන් කවර කාලයකටද;

(iv) එම ඉඩමේ තක්සේරු වටිනාකම කවරේද;

(v) එම ඉඩමේ බදු වටිනාකම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හෝටලය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

(iii) ඉදිරිපත් වූ කොන්ත්‍රාත්කරුවන් හා ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අත්සන් කළ දිනය කවරේද;

(v) ඒ සඳහා උත්සවයක් පවත්වනු ලැබුවේද; එසේ නම්, එහි වියදම කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉදිකිරීම් සඳහා විදේශීය ඉංජිනේරු උපදේශක සේවා ලබාගෙන තිබේද;

(ii) එසේ නම්, එම ආයතනය කවරේද;

(iii) ඒ සඳහා ගෙවූ මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-09

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අක්කර 02 රූඩ් 01 පර්චස් 11.14 (විස්තරාත්මක තොරතුරු ඇමුණුම 01හි  දක්වා ඇත.)

              (ii)      ඉඩමේ කොටසක් වන ලොට් අංක C පමණක් බදු පදනම මත ලබාගෙන ඇත. (ඇමුණුම 01)

             (iii)      නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2012 ජූලි 16 දින සිට බල පැවැත්වෙන පරිදි 99 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන ඇත.

(iv) මෙම ඉඩමේ A, B, C, D, E යන ලොට් අංකයන් ‍තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කර ඒවායේ අත්පත් කර ගන්නා දිනට අදාළ තක්සේරු වටිනාකම ඉදිරිපත් කර ඇත. (විස්තරාත්මක තොරතුරු සඳහා ඇමුණුම 02 බලන්න.)

(v) අවුරුද්දක් සඳහා වූ රුපියල් 10,000.00ක පදනම මත රුපියල් 999,000.00ක් වූ මුදලක් බදු වටිනාකම ලෙස ගණනය කර ඇත. (අදාළ බදු ගිවිසුම සඳහා ඇමුණුම 03 බලන්න.)

(ආ) (i) මිල ගණන් කැඳවා ඇත.

(ii) හෝටලය ඉදිකිරීම සඳහා ආරම්භයේ සිට 2015 ජනවාරි 08 දක්වා සිටි කළමනාකාරිත්වය විසින් ප්‍රධාන කොන්ත්‍රාත් 14ක් පිරිනමා ඇති අතර 2015 ජනවාරි 08 දිනට පසු පත් වූ කළමනාකාරිත්වය විසින් තවත් කොන්ත්‍රාත් 21ක් පිරිනමා ඇත. ඒ පිළිබඳව ග්‍රෑන්ඩ් හයට් කළම්බු ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කළ සවිස්තරාත්මක වාර්තාවක් ඇමුණුම 04හි දැක්වේ.

(iii) ඉහත (ආ) (ii) පිළිතුර අදාළ වේ.

(iv) ඉහත (ආ) (ii) පිළිතුර අදාළ වේ.

(v) මුළු වියදම රුපියල් මිලියන 6.99කි. (විස්තරාත්මක තොරතුරු ඇමුණුම 05හි දැක්වේ.

(ඇ) (i)  ලබාගෙන ඇත.

       (ii)   ඇමුණුම 06හි දක්වා ඇත.

       (iii)  රුපියල් 549,735,484.21කි. විස්තර ඇමුණුම 06හි දක්වා ඇත.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks