04

E   |     |  

 දිනය: 2016-11-16   පිළිතුර ලබා දී ඇත 

0898/2016: Paddy Purchasing and Storage - 2016

ගරු චමල් රාජපක්ෂ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 යල හා මහ සහ 2016 යල යන කන්න තුන තුළදී ලැබූ මුළු වී අස්වැන්න කොපමණද;

             (ii)       එයින්, වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය සහ ගබඩාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මණ්ඩලය විසින් වී කිලෝවක් මිලදී ගත් මිල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2016.07.31 දිනට එම ගබඩාවල ඉතිරි වී ඇති වී තොග ප්‍රමාණය කොපමණද;

(ii) එම ගබඩාවලින් විකුණා ඇති වී තොග ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම වී තොග මිලදී ගත් පුද්ගලයන් හෝ සමාගම් සහ ඔවුන්ට වී තොග අලෙවි කළ මිල කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) සතොස සහ වෙනත් රජයේ ආයතන සඳහා නිකුත් කර ඇති වී තොග ප්‍රමාණය කොපමණද;

(ii) පුද්ගලයන් සහ සමාගම් සඳහා වී විකුණා ඇති හේතු ‍කවරේද;

(iii) සත්ව ආහාර සඳහා සහ මත්පැන් නිෂ්පාදනයට ලබා දී ඇති වී තොග ප්‍රමාණය සහ අලෙවි කළ මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-16

අසන ලද්දේ

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks