E   |     |  

 දිනය: 2016-11-15   පිළිතුර ලබා දී ඇත 

0883/2016: Pension for Architect Officers in Sri Lanka Volunteer Force

ගරු විදුර වික්‍රමනායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාත්තු කාර්මිකයන් කණ්ඩායමක් යුද උපකරණ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බලසේනාවට බඳවාගෙන ඇති බවත්;

(ii) එම අවස්ථාවේදී පාරිතෝෂික දීමනාවකට සහ විශ්‍රාම වැටුපකට හිමිකම ඇති බව ඔවුන්ට දන්වා ඇති බවත්; 

(iii) මෙම කාර්මිකයන් විසින් සිදුකර ඇති විශාල මෙහෙවර මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේදී පිළිගෙන ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළ යුතු බවට කාරක සභාවේ ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත 2012.12.03 දිනැති ලිපියකින් දන්වා ඇති බවත්;

(iv) මෙම පිරිසට විශ්‍රාම වැටුප් ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති තත්ත්වයක් යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලිපිය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම කාර්යය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වුවත්, එසේ නොකිරීමට හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?   

 

අසන ලද දිනය

2016-11-15

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks