01

E   |   த   |  

 දිනය: 2016-10-06   පිළිතුර ලබා දී ඇත 

0865/2016: SLTB issues in Badulla District

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංගම ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

             (ii)      එක් එක් ඩිපෝව මඟින් දිනකට ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මෙම ඩිපෝ අතරින් දැනට ලාභ හා පාඩු ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංගම ඩිපෝවල සේවය කරන මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

(v) බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංගම ඩිපෝවල වර්තමානයේ පවතින රියදුරු,  කොන්දොස්තර, කාර්මික ශිල්පී හිඟය සහ බස්රථ අමතර කොටස් නොමැති වීම යන ගැටලු විසඳා ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks