01

E   |   த   |  

 දිනය: 2016-09-21   පිළිතුර ලබා දී ඇත 

0812/2016: CP - Uva - Funds provided to various urban councils and local governments

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඌව පළාත් සභාව යටතේ පාලනය වන පළාත් පාලන ආයතන කවරේද;

             (ii)       2010 සිට 2016 දක්වා එම පළාත් පාලන ආයතනවල බලය පැවතියේ කවර දේශපාලන පක්ෂ යටතේද;

           (iii)       ඌව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසු එක් එක් පළාත් පාලන ආයතනවලට ලබාදුන් ප්‍රතිපාදන හා වෙනත් සංවර්ධන ආධාර කවරේද;

(iv) ‍වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බණ්ඩාරවෙල මහ නගර සභාවට සෙසු පළාත් පාලන ආයතන හා සමානවම අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks