04

E   |     |  

 දිනය: 2016-09-06   පිළිතුර ලබා දී ඇත 

0799/2016: Conducting SLEAS and SLAS examinations in North and East

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS), ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS) වැනි සේවා සඳහා බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරඟ විභාග පවත්වනු ලබන්නේ කොළඹදී පමණක් බවත්;

            (ii)       කොළඹ විභාග මධ්‍යස්ථානවලදී පමණක් ඉහත කී විභාග පැවැත්වීම මඟින් දුර බැහැර ප්‍රදේශවල අයදුම්කරුවන්ට ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) අයදුම්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කර, ඉදිරි කාලයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල මෙවැනි විභාගයන් පැවැත්වීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-06

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks