පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු විදුර වික්‍රමනායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හොරණ විවිධ සේවා සමූපකාර සමිතිය සන්තකව තිබූ රන් භාණ්ඩ, වෙන්දේසි කිරීමකින් තොරව මුළු තොගය එක් ආයතනයකට අලෙවිකර ඇති බවත්;
(ii) ගයාන් තුෂාර නමැති මියගිය පුද්ගලයෙකුගේ අත්සන යොදා චෙක්පත් මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කර පරීක්ෂණයක් කිරීමට ගන්නා ලද තීරණය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්;
(iii) සහල්, කරවල වැනි ද්‍රව්‍යයන් මිලදී ගැනිමේදී කොමිස් ගැනීම, මූණගම ග්‍රාමීය බැංකු ශාඛාව සඳහා බාල සීසීටීවී කැමරා පද්ධතියක් අධික මිලකට මිලදී ගැනීම සහ පෞද්ගලික ආයතනයකින් සමිතියට ලැබෙන මුදලින්, 2%ක මුදලක් ලබා ගැනීම වැනි දූෂණ ක්‍රියා සභාපතිතුමා ඇතුළු කිහිප දෙනෙකු විසින් සිදු කරමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) සමූපකාර සමිතියේ සභාපති ඇතුළු කිහිප දෙනෙකු විසින් සිදු කරමින් පවතින මෙවැනි දූෂණ හා වංචාකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-09
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks