04

E   |     |  

 දිනය: 2016-09-09   පිළිතුර ලබා දී ඇත 

0785/2016: Northern Expressway - the new route

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)     පසුගිය රජය විසින් ආරම්භයේදී මහනුවර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබූ   අධිවේගී මාර්ගය, පසුව උතුරු හා නැගෙනහිර දක්වා ව්‍යාප්ත කිරීමේ අරමුණින්              “උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය” නමින් වැඩ ආරම්භ කළ බවත්;

             (ii)       2015 මාර්තු මාසයේ දී වර්තමාන රජය එහි නම වෙනස් කර කඩවත කොස්හින්න ප්‍රදේශයෙන් වැඩ ආරම්භ කළ බවත්;

(iii) ගම්පහ දිස්ත්‍රික්කය හරහා එ‍ඩේරමුල්ල සිට මීරිගම අඹේපුස්ස දක්වා ඉදිකිරීමට යෝජිත පළමු අදියර ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සෘජුවම බලපාන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම මාර්ගයෙහි නව සැලසුම් හා ගමන් මාර්ගය පිළිබඳව අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් දැනුවත්කර තිබේද;

(ii) මාර්ගය සඳහා අත්පත් කර ගත යුතු ඉඩම් හඳුනාගෙන ලකුණුකර තිබේද;

(iii) පදිංචි ඉඩම්, ව්‍යාපාරික ස්ථාන, කර්මාන්ත ශාලා, පොදු ස්ථාන සහ රජයේ ඉඩම් ආදී වශයෙන් වර්ගීකරණය කර ලේඛනගත කර තිබේද;

(iv) හිමිකම් පරීක්ෂා කිරීමේ අභියාචනා පැමිණිලි භාර ගැනීම හා පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබේද;

(v) තක්සේරු කිරීම් හා වන්දි ගෙවීම් ආරම්භ කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මාර්ගය ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2016-09-09

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks