පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
723/’16
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණයබරතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මුළු ණයබරතාවය ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iii) එම ප්‍රතිශතය 2004 වර්ෂය වනවිට තිබූ ණයබරතාවයේ ප්‍රතිශතයට වඩා අඩු අගයක්ද; නැතිනම් වැඩි අගයක්ද;
(iv) එම ණය ගෙවීමට රජය යෝජනා කරන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එම ණයබරතාවය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් මෑතක සිට මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා කොපමණ මුදලක් වෙන්කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) දිනපතා හා සති අන්ත පුවත්පත් සඳහා වෙන් කර ඇති මුළු මුදල කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-26
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
2015 දෙසැම්බර් 31 වන විට (රුපියල් බිලියන) |
|
ශ්‍රී ලංකා මධ්‍යම රජයේ දේශීය ණය1 වන විටිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව |
4,959.2 |
|
ශ්‍රී ලංකා මධ්‍යම රජයේ විදේශීය ණය1 වන විටිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව |
3,544.0 |
|
ශ්‍රී ලංකා මධ්‍යම රජයේ මුළු ණය1 වන විටිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව |
8,503.2 |
(ii) 2015 වසර අග වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 76.0ක් විය. එබැවින් 2015 වසර තුළදී ණය වාරික සහ පොලිය සඳහා රජය විසින් රුපියල් බිලියන 1,318ක් වැය කළ අතර, එය 2015 වසරේ රජයේ සමස්ත ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 91ක් විය.
(iii) 2004 වර්ෂයේ මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 102.3ක් විය.
(ආ) 2005 වසරේදී සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,222ක් වුණා. යුද්ධය අවසන් වන විට, එනම් 2009 වසර අවසාන වන විට, රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,161ක් දක්වා වැඩි වී තිබුණා.
(ඇ) (i) රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයන්ට - රු.2,337,993.00 (රුපියල් විසිතුන්ලක්ෂ තිස්හත්දහස් නවසිය අනූතුනකි)
(ii) රාජ්‍ය ගුවන් විදුලි මාධ්‍යයන්ට - රු.339,660.00 (තුන්ලක්ෂ තිස්නවදහස් හයසිය හැටයි)
පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ට - රු.2,830,500.00 (විසිඅටලක්ෂ තිස්දහස් පන්සියයි)
(iii) දිනපතා පුවත්පත් - රු.3,046,505.00 (තිස්ලක්ෂ හතළිස්හයදහස් පන්සිය පහයි)
සතිඅන්ත පුවත්පත් - රු.5,082,700.00 (පනස්ලක්ෂ අසූදෙදහස් හත්සියයයි)
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks