පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
709/’16
ගරු එස්. වියාලේන්දිරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 ජනවාරි 8 වැනි දින සිට හඳුන්වා දෙන ලද “දින 100” වැඩසටහන ආරම්භයේ සිට අද දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු සේවක පත්වීම් ලබා දී තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම පත්වීම් ලබාදීමේදී සලකා බැලූ සුදුසුකම් කවරේද;
(ii) එලෙස පත්වීම් කොපමණ සංඛ්‍යාවක් ලබා දී තිබේද;
(iii) එම පත්වීම් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම පත්වීම් ලබා දී ඇති දෙමළ ජාතික සුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-12
අසන ලද්දේ
ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) පාසල් කම්කරු - අපොස (සා/ පෙළ) විභාගයේ එක් වරකදී විෂයයන් 06ක් සමඟ සම්මාන දෙකක් ලබා තිබීම.
අරක්කැමි - අපොස (සා/ පෙළ) විභාගයේ එක් වරකදී විෂයයන් 06ක් සමඟ සම්මාන දෙකක් ලබා තිබීම සහ අදාළ ක්ෂේත්‍රයේ වසර 02ක පළපුරුද්ද.
සනීපාරක්ෂක කම්කරු - 9 ශ්‍රේණිය සමත් වීම.
(ii) පාසල් කම්කරු - 1,589
සනීපාරක්ෂක කම්කරු - 347
අරක්කැමි - 214
(iii) ඇමුණුමේ සඳහන් වනවා. ඇමුණුම සභාගත* කරමි.
(iv) ඔව්.
පාසල් කම්කරු - 93
සනීපාරක්ෂක කම්කරු - 33
අරක්කැමි - 12
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks