01

E   |   த   |  

 දිනය: 2016-08-24   පිළිතුර ලබා දී ඇත 

0670/2016: Sampur Power Plant - agreement with India

ගරු බිමල් රත්නායක මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       (i)        ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර සාම්පූර් බලාගාරය ඉදිකිරීම සඳහා කවර හෝ ගිවිසුමක්, එකඟතා ලියවිල්ලක් අත්සන් කර තිබේද;

           (ii)        එසේ නම්, එම ලියවිල්ල සභාගත කරන්නේද;

           (iii)       ඒ සඳහා ලබා දුන් කැබිනට් අනුමතිය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ සහිත ලියවිලි ඉදිරිපත් කරන්නේද;

(iv) සාම්පූර් බලාගාරය නඩත්තුව සඳහා ඉන්දු - ලංකා ඒකාබද්ධ සමාගමක් ස්ථාපිත කර තිබේද;

(v) එසේ නම්, එම සමාගමේ වත්කම් හා කළමනාකාරීත්වයට අදාළ එකඟතා හා කොන්දේසි කවරේද;

(vi) සාම්පූර් බලාගාරය සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(vii) එම ඉඩමේ සිතියමක් (Plan) සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-24

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks