01

E   |     |  

 දිනය: 2016-06-23   පිළිතුර ලබා දී ඇත 

0656/2016: complaints to SIU against present and former politicians of all levels

656/’16

 

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015.01.08 දින සිට මේ දක්වා කාලය තුළ වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විශේෂ විමර්ශන ඒකකයට (SIU) ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත (i) පරිදි එම චෝදනාවන්ට ලක් වී ඇති වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ නම් සභාගත කරන්නේද;

(iii) විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන අරඹා ඇති වත්මන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ‍කොපමණද;

(iv) මෙම විමර්ශනවල ප්‍රතිඵල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-23

අසන ලද්දේ

ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks