පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මූලික සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන්, විධිමත් බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව වන්නි දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරින් ලෙස බඳවාගෙන ඇති බව දන්නේද;
(ii) එලෙස සුදුසුකම් නොමැතිව බඳවාගෙන ඇති සමෘද්ධි නිලධාරින්ගේ තොරතුරු කවරේද;
(iii) අවිධිමත් ලෙස පත්කර ඇති පුද්ගලයන් සේවයෙන් ඉවත් කර විධිමත් ලෙස අලුතින් නිලධාරින් බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-06
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සමෘද්ධි වැඩසටහන ආරම්භ කර නොතිබූ කිලිනොච්චි, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල සමෘද්ධි වැඩසටහන ආරම්භ කිරීමට 2012 රාජ්‍ය අය වැය ලේඛනයට අනුව එවකට පැවති රජය විසින් තීරණය කරන ලදී.
ඒ වන විට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත බඳවා ගැනීමේ හා උසස්වීම් පටිපාටිය හා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මව්බස (සිංහල/ දෙමළ) හා ගණිතය විෂයය ඇතුළු එකවර විෂයයන් 5ක් සමත් වූ අයදුම්කරුවන් විධිමත් සම්මුඛ පරීක්ෂණයකට භාජන කර පුරප්පාඩු පැවති උතුරු පළාතේ දිස්ත්‍රික්ක සඳහා අදාළ පත්වීම් ලිපි නිකුත් කරන ලදී. බඳවා ගන්නා ලද සියලු සමෘද්ධි නිලධාරින් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත.
(ii) බඳවා ගන්නා ලද සියලු සමෘද්ධි සංවර්ධන නිලධාරින් අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇත.
(iii) ඉහත (i) හා (ii) සඳහා ලබාදුන් පිළිතුරු අනුව අදාළ නොවේ.
එහෙත් ගරු මන්ත්‍රීතුමා නුසුදුසු අය පිළිබඳ තොරතුරු දන්නේ නම් අපට ඒවා වාර්තා කළහොත් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා නීතිමය පියවර ගත හැක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks