පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
616/’16
ගරු ඉෂාක් රහුමාන් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දුම්පානය කිරීමෙන් පිළිකා, අංශභාග සහ වකුගඩු රෝග බහුල වශයෙන් ඇතිවන බවත්;
(ii) එය රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට සහ ආර්ථිකයට හානිකර බවත්;
(iii) දුම්කොළවලින් රටට ලැබෙන ආදායමට වඩා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම ආර්ථිකයට හානියක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) දුම්බීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකිද;
(ii) පාසල් අවට දුම්වැටි විකිණීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකිද;
(iii) දුම් වැටියක මිල දරාගත නොහැකි මට්ටමට වැඩි කිරීමට නොහැක්කේ මන්ද;
(iv) රසායනික පොහොර භාවිතයෙන් වකුගඩු රෝගය ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති බැවින්, පොහොර පිළිබඳව දැඩි තීරණ ගත් රජය, දුම්වැටි සඳහා දැඩි පියවරක් නොගන්නේ මන්ද;
(v) එයට හේතුව බහු ජාතික සමාගම්වල බලපෑමද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-24
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks