01

E   |     |  

 දිනය: 2016-07-07   පිළිතුර ලබා දී ඇත 

0614/2016: Road from Galewela to Kekirawa

614/’16

 

ගරු ඉෂාක් රහුමාන් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, ගලේවෙල නගරයෙන් වමට හැරී, කලාවැව වැව් බැම්ම හරහා, ඉහළගම හන්දිය පසුකර, තෝනිගල හන්දියෙන් A-9 ප්‍රධාන පාරට සම්බන්ධ වන මාර්ගය අවුරුදු 50කින් ප්‍රතිසංස්කරණයකර නොමැති බවත්;

(ii) මෙම මාර්ගය ඔස්සේ, ගලේවෙල සිට A-9 මාර්ගයට සම්බන්ධ වීමෙන් යාපනය සහ වවුනියාව යන නගරවලට පහසුවෙන් ලඟා විය හැකි බවත්,

(iii) එමඟින් ආර්ථික වාසි මෙන්ම, ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයද අවම වන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) මහවැලි ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සැලසෙන කි.මී. 46ක් වන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතුව කවරේද;

(ii) එම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) පසුගිය රජයෙන් ප්‍රතිසංස්කරණය ආරම්භ කර මේ වනවිට වැඩ නවතා ඇති කැකිරාව නගරයේ සිට ගනේවල්පොල දක්වා වූ කි.මී. 07ක මාර්ගයෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-07

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks