04

E   |     |  

 දිනය: 2016-07-07   පිළිතුර ලබා දී ඇත 

0606/2016: Foreign Trips by Ministers and the PM

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     2015     ජනවාරි සිට දෙසැම්බර් දක්වා,

              (i)      රජයේ මන්ත්‍රීවරුන් සහ  අමාත්‍යවරුන් සහභාගි වී ඇති විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;

               (ii)     අග්‍රාමාත්‍යවරයාද ඇතුළත්ව එම සංචාර සඳහා සහභාගි වී ඇති මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් කවුරුන්ද;

(iii) සංචාරය කරන ලද රටවල් කවරේද;

(iv) එම විදේශ සංචාරවලින් රාජකාරි හා පෞද්ගලික සංචාර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අ (i) හි සඳහන් සංචාරයන් සඳහා රජයේ නිලධාරින් සහභාගි වී තිබේද;

(ii) එසේ නම්, එම නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) උක්ත කාලසීමාව තුළ රජයේ මන්ත්‍රීවරුන් සහ  අමාත්‍යවරුන් සහභාගි වී ඇති විදේශ  සංචාරවලට වැය වී ඇති මුළු මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-07

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks