01

E   |     |  

 දිනය: 2016-07-07   පිළිතුර ලබා දී ඇත 

0580/2016: Foreign Trip for Uva Provincial members - 2016

580/’16

 

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 වසරේ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු රජයේ වියදමින් විදේශ සංචාරයක් සඳහා සහභාගි වී තිබේද;

            (ii)      එසේ නම්, ඒ සඳහා ජනාධිපතිවරයා අනුමතිය ලබාදී තිබේද;

           (iii)      ඒ සඳහා වැයකර ඇති මුළු මුදල ‍කොපමණද;

(iv) මෙම චාරිකාවේ අරමුණ කවරේද;

(v) පළාත් සභා මන්ත්‍රීවරුන්ට අමතරව, වෙනත් පුද්ගලයින් පළාත් සභාවේ වියදමින් මෙම විදේශ සංචාරය සඳහා සහභාගි වී තිබේද;

(vi) එසේ නම්, එම පුද්ගලයින්ගේ නම් හා තනතුරු කවරේද;

(vii) පවතින නීති රීති අනුව රජයේ වියදමින් එම පුද්ගලයින්ට සහභාගි විය හැකිද;

(viii) රජයේ සේවයෙන් නිවාඩු ලබාගෙන සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන පුද්ගලයෙකුට රජයේ වියදමින් විදේශ ගමන් සඳහා සහභාගි විය හැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks