01

E   |     |  

 දිනය: 2016-06-24   පිළිතුර ලබා දී ඇත 

0562/2016: Fraud and Corruption in Technical College of Jaffna

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      යාපනය කාර්මික විදුහලේ සිදුවූ මුදල් අක්‍රමිකතාව පිළිබඳව එතුමා දන්නේද;

             (ii)      එසේ නම්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමට හේතු කවරේද;

            (iii)      එම කාර්මික විදුහලේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ මුදල් වංචාව තහවුරු වීමෙන් පසු ඔහුට ස්ථාන මාරුවක් ලබා දී තිබේද;

(iv) එසේ නම්, එම ස්ථාන මාරුව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

(v) අදාළ ස්ථාන මාරුව අත්හිටුවා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) යාපනය කාර්මික විදුහලේ වෙනත් ශාඛා එම දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබේද;

(ii) නොඑසේ නම්, එම දිස්ත්‍රික්කයේ ජීවත්වෙන 650,000 ක ජනතාවට මෙම කාර්මික විදුහල ප්‍රමාණවත්ද;

(iii) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-24

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks