බලන්න

02

E   |     |  

 දිනය: 2016-08-11   පිළිතුර ලබා දී ඇත 

0554/2016: Mr. Sunil Shantha interview for Postal Service Officer post

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2011 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තැපැල් සේවයේ, “ආ” කාණ්ඩයේ 1 “ආ” ශ්‍රේණියේ, “තැපැල් සේවා නිලධාරි” තනතුරට බඳවා ගැනීම සඳහා පැවැත්වූ තරඟ විභාගයට පෙනී සිටි (විභාග අංකය - PS/C/05264) දෙහිඅත්තකණ්ඩිය, රන්හෙලගම, අංක 159 දරන ලිපිනයේ පදිංචි, එන්. ජී. සුනිල් ශාන්ත මහතා එම විභාගයෙන් සමත් වී ඇති බවත්;

(ii) එසේ වුවද , ඔහු මේ වනතෙක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) තරඟ විභාගයෙන් ලබා ගෙන ඇති ලකුණු සැලකිල්ලට ගෙන, ‍ඔහු එම තනතුරට පත්කිරීම සඳහා සලකා බලන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-11

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks