02

E   |     |  

 දිනය: 2016-07-22   පිළිතුර ලබා දී ඇත 

0552/2016: Repair of Mrs.Nurul Nilaya

552/’16

 

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, පොල්ගොල්ල, වත්තේගෙදර, අංක 50/බී2, දරන ස්ථානයේ පදිංචි, එම්. එස්. නූරුල් නිලායා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් පදිංචි වී සිටින නිවස කඳු මුදුනක පිහිටා ඇති බවත්;

  (ii)  පසුගියදා අධික වර්ෂාවක් සමඟ ඇති වූ නාය යෑමෙන්, එම නිවස කඩා වැටීමේ අවදානම් තත්ත්වයට පත්වී ඇති බවත්;

    එතුමා දන්නෙහිද?

(ආ)  (i)    එසේ නම්, අවදානම් තත්ත්වයට පත්වී තිබෙන නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද;

  (ii)  එම කඳු තවදුරටත් නාය යෑමෙන් අවට නිවෙස්වලටද සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා සුදුසු පියවර ගන්නේද;

  යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-22

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks