01

E   |     |  

 දිනය: 2016-06-10   පිළිතුර ලබා දී ඇත 

0548/2016: Task Force for National Reconciliation

548/’16

ගරු විමල් වීරවංශ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       ජාතික සංහිඳියාව සඳහා වූ කාර්යසාධක බලකාය නම් වූ ආයතනයක් පිහිටුවා තිබේද;

             (ii)       එසේ නම්, එය පිහිටුවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය යටතේද;

  (iii)  එය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රජය විසින් පිළිගනු ලැබූ යෝජනාවලිය අනුවද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  ඉහත කාර්යසාධක බලකාය පිහිටුවීමේ අරමුණු සහ එයට පවරා ඇති කාර්යභාරය කවරේදැයි එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  ඉහත කාර්යසාධක බලකායේ සභාපති හා අනෙකුත් සාමාජිකයින් කවුරුන්ද;

  (ii)  ඔවුන්ගේ සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii)  මෙම කාර්යසාධක බලකායේ කටයුතු වෙනුවෙන් එහි සභාපති සහ අනෙකුත් සාමාජිකයන් 10 දෙ‍නාට ගෙවනු ලබන දීමනා හා අනෙකුත් වරප්‍රසාද කවරේද;

    යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-10

අසන ලද්දේ

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks