බලන්න

02

E   |     |  

 දිනය: 2016-11-21   පිළිතුර ලබා දී ඇත 

0537/2016: උඳු නිෂ්පාදනය: විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)     වර්ෂ 2015 වනවිට ශ‍්‍රී ලංකාවේ උඳු වගා කරනු ලැබූ භූමි ප‍්‍රමාණය කොපමණද;  

             (ii)      2010 සිට 2015 දක්වා වසර පහ තුළ උඳු නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග‍්‍රෑම් කොපමණද;

            (iii)      රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම උඳු මිලදී ගන්නේද;

(iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් උඳු ප‍්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උඳු නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;

  (ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      හෙක්ටයාර 12,305කි. (හෙක්ටයාර දොළොස්දහස් තුන්සිය පහකි.)

              (ii)      2010 දී කි. ග්‍රෑම් 9,991,000කි.                               (කි. ග්‍රෑම් මිලියන 9.99)

                        2011 දී කි. ග්‍රෑම් 5,782,000කි.                                           (කි. ග්‍රෑම් මිලියන 5.78)

                        2012 දී කි. ග්‍රෑම් 10,180,000කි.

                          (කි. ග්‍රෑම් මිලියන 10.18)

2013 දී කි. ග්‍රෑම් 9,172,000කි.

(කි. ග්‍රෑම් මිලියන 9.17)

2014 දී කි. ග්‍රෑම් 9,657,000කි.

(කි. ග්‍රෑම් මිලියන 9.66)

2015 දී කි. ග්‍රෑම් 11,901,000කි.

(කි. ග්‍රෑම් මිලියන 11.90)

(iii) නැත.

(iv) අදාළ නොවේ.

(ආ) (i) ඔව්.

(ii) ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016-2018 යටතේ ප්‍රමුඛත්වය දිය යුතු භෝගයක් ලෙස උඳු හඳුනාගෙන ඇති අතර, 2018 වන විට හෙක්ටයාර 12,600ක් වගා කිරීමටත්, එමඟින් මෙට්‍රික් ටොන් 12,000ක (12,000,000kg) නිෂ්පාදනයක් ලබා ගැනීමටත් සැලසුම් කර ඇත.

නව ප්‍රදේශවල උඳු වගාව ප්‍රචලිත කිරීම හා 3 වන කන්නයේ උඳු වගාව ප්‍රචලිත කිරීම සඳහා සියයට 50ක දායකත්වයක් යටතේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බීජ ලබා දීම.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් බීජ ගොවීන් අතර ජනප්‍රිය කිරීමේ අරමුණෙන් ස්වයං බීජ නිෂ්පාදනයට සියයට 50ක දායකත්වය යටතේ මූලික බීජ ගොවීන් වෙත ලබාදීම.

යාන්ත්‍රීකරණය හරහා වගාවේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමේ අරමුණින් ගොවි සංවිධාන සඳහා සහනදායී පදනම මත යන්ත්‍ර ලබාදී ආදර්ශ පැවැත්වීම.

නව තාක්ෂණය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමට ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

ඉදිරි වෙළෙඳ ගිවිසුම් හරහා උඳු ආශ්‍රිත නිෂ්පාදන සකසන සමාගම් හා ගොවීන් ඍජුව සම්බන්ධ කර අළෙවිකරණ පහසුකම් ඇති කිරීම.

අගය එකතු කරන ලද නිෂ්පාදන දිරිගැන්වීම හා ගොවීන් විසින්ම පාලනය කරන අගය එකතු කිරීමේ නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටුවීම.

ඉහළ අස්වනු ලබාදෙන, රෝග හා පළිබෝධවලට ඔරොත්තු දෙන ප්‍රභේද පර්යේෂණ තුළින් හඳුනා ගැනීම.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks