පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0308/’10
ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ක්රම සම්පාදන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහජන බැංකුවේ විශ්රාමික සංගමයේ සාමාජිකයින් සංඛ්යාව 5000 ඉක්මවා ඇති බවත්;
(ii) ඔවුන්ගේ ජීවනාධාරය 1996 වර්ෂයේ සිට නවතා ඇති බවත්;
(iii) කම්කරු විනිශ්චය සභාව විසින් ජීවනාධාරය ඔවුන් වෙත ලබා දිය යුතු බවට දන්වා සිටියද, මහජන බැංකු පරිපාලනය විසින් එය ප්රතික්ෂේප කර ඇති බවත්;
(iv) එම දීමනාව ලබාදීමෙන් බැංකුවේ ලාභාංශයට හානියක් සිදු නොවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඔවුන්ගේ ජීවනාධාරය ලබා දීම සඳහා අමාත්යාංශය මැදහත්වීමක් සිදු කරන්නේද;
(ii) එසේ නම්, ඔවුන්ගේ ජීවනාධාරය ලබා දෙන්නේ කවදාද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-03
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්යාංශය
මුදල් හා ක්රමසම්පාදන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks