01

E   |     |  

 දිනය: 2016-06-10   පිළිතුර ලබා දී ඇත 

0495/2016: Compensation for Fisheries workers who lose their livelihood due Kalamatiya Fisheries Harbor

495/’16

 

ගරු නාමල් රාජපක්ෂ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කළමැටිය ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳ වර්තමාන තත්ත්වය කවරේද;

            (ii)      එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම තුළින් ධීවර කර්මාන්තය අහිමි වන මාදැල් ධීවර කාර්මිකයින් සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) මාදැල් ධීවර කාර්මිකයින් සඳහා වන්දි ප්‍රදානය කිරීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, එක් ධීවර කාර්මිකයෙකු සඳහා ගෙවනු ලබන වන්දි මුදල කොපමණද;

(v) ඊට අමතරව, මෙම ධීවර කාර්මිකයින්ගේ ජීවිකාව පවත්වාගෙන යාම සඳහා ධීවර කර්මාන්තයේ නියැලීමට ධීවර යාත්‍රා හා ආම්පන්න ලබාදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-10

අසන ලද්දේ

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks