04

E   |     |  

 දිනය: 2016-06-23   පිළිතුර ලබා දී ඇත 

0475/2016: Income from Minor Export Crops 2015 vs 2014

475/’16

 

ගරු කනක හේරත් මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 වර්ෂයේදී අපනයනය කරන ලද කරාබුනැටි, කුරුදු, ගම්මිරිස්, සාදික්කා හා කරදමුංගු ප‍්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ඉහත (i) හි සඳහන් එක් එක් ද්‍රව්‍ය සඳහා ලැබුණු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2014 වර්ෂයට සාපේක්ෂව, 2015 වර්ෂයේදී ලැබූ ආදායමෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් දක්නට තිබේද;

 

(iv) එසේ නම්, ඒවායේ නිෂ්පාදනය වැඩිකිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-23

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks