01

E   |     |  

 දිනය: 2016-05-20   පිළිතුර ලබා දී ඇත 

0441/2016: Housing Loan Programs under Housing Authority 2015

441/’16

 

ගරු ඩී. වී. චානක මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් රුපියල් 50,000/= සහ                     රු. 100,000/= බැගින් වන නිවාස ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේද;

(ii) 2015 වර්ෂය සඳහා එම නිවාස ණය ලබාදුන් ණයලාභීන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) අදාළ ණයලාභීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(iv) ණය ලබාදීමේදී සලකා බලනු ලබන නිර්ණායක ‍කවරේද;

(v) ණය ලබාදීම සඳහා දේශපාලන පක්ෂ ශාඛා සමිතියක නිර්දේශය ඉල්ලා සිටින බව දන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-05-20

අසන ලද්දේ

ගරු ඩී. වී. චානක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks