01

E   |     |  

 දිනය: 2016-05-18   පිළිතුර ලබා දී ඇත 

0440/2016: New Housing Program under National Housing Authority

440/’16

 

ගරු ඩී. වී. චානක මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් නිවාස සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් 250,000/=ක වටිනාකමින් යුත් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)      එම වැඩසටහන ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඉඩම් පිහිටි ස්ථාන කවරේද;

(ii) එම ඉඩම් ලබාදීමේදී දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව මඟින් අදාළ ඉඩම් කැබලි හඳුනාගැනීම සිදුකර තිබේද;

(iii) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව තෝරාගත් ප්‍රතිලාභීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද; 

(iv) එම ප්‍රතිලාභීන්ගේ නම්, ලිපිනයන් සහ තෝරාගත් ක්‍රමවේදය කවරේද; 

(v) ප්‍රතිලාභීන් තෝරාගැනීමට සහභාගි වූ රාජ්‍ය නිලධාරීන්ගේ නම් කවරේද;

(vi) ‍තෝරාගත් ප්‍රතිලාභීන් ඉඩම් හිමිකමක් ලැබීමට නියම සුදුස්සන් බවට සෑහීමට පත්විය හැකිද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-05-18

අසන ලද්දේ

ගරු ඩී. වී. චානක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks