01

E   |     |  

 දිනය: 2016-04-22   පිළිතුර ලබා දී ඇත 

0438/2016: Senior Citizen Allowance for 2016

438/’16

 

ගරු විජිත හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 වසර සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිකුත්කර තිබේද;

             (ii)      2015 වර්ෂය සඳහා නිකුත් කළ මුදල කොපමණද;

(iii) 2016 වර්ෂය සඳහා නිකුත් කිරීමට නියමිත මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉල්ලුම්කර ඇති සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එම දීමනාව ලබා දෙන්නේද;

(ii) එසේ නොවේ නම්, යම් සීමාකිරීමක් සිදුකර තිබේද;

(iii) එසේ නම්, ඒ මන්ද;

(iv) සීමාකිරීමක් සිදුකර නොමැති නම්, ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කර ඉල්ලුම් කරන ලද සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම දීමනාව ලබාදීමට කටයුතු කරනු ලබන්නේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-04-22

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks