පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
417/’16
ගරු ප්‍රසන්න රණතුංග මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.01.08 දින සිට 2015.12.31 දින දක්වා රාජ්‍ය සේවකයින්ට, කලාකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත (i) හි සඳහන් පරිදි චෝදනාවට ලක් වී ඇති රාජ්‍ය සේවකයින්ගේ, කලාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ නම්, වෙන් වෙන් වශයෙන් සභාගත කරන්නේද;
(iii) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන අරඹා ඇති රාජ්‍ය සේවකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයින් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම විමර්ශනවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-08
අසන ලද්දේ
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි සංඛ්‍යාව - 114
කලාකරුවන් සම්බන්ධයෙන් ලද පැමිණිලි සංඛ්‍යාව - 05
ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි සංඛ්‍යාව - 18
(ii) එම චෝදනාවන් සම්බන්ධ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බැවින්, ඔවුන්ගේ නම් අනාවරණය කිරීමෙන් දැනට සිදු කර ගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අගතියක් විය හැකියි. ඒ වාගේම ඒවා පැමිණිලි පමණයි. විමර්ශන කටයුතු කළාය කියලා ඔවුන් වැරදිකරුවන් නොවෙයි. ඒ නිසා ඔවුන්ට අගතියක් විය හැකි බැවින් නම් සභාගත කිරීම සුදුසු නොවේ.
(iii) විමර්ශන අරඹා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව - 114
විමර්ශන අරඹා ඇති කලාකරුවන් සංඛ්‍යාව - 05
විමර්ශන අරඹා ඇති ව්‍යාපාරිකයන් සංඛ්‍යාව - 18
(iv) තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks