පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
406/’16
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාවලපිටිය මැතිවරණ බලප්‍රදේශයේ, පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පැවරී ඇති ඉඹුල්පිටිය වත්ත ඉඩමේ, කොමිෂන් සභා අනුමතිය යටතේ නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව ගුරු ගම්මානයක් ඉදිකර ඇති බවත්;
(ii) අදාළ ගුරු ගම්මානය පිහිටුවීම සහ ඊට ඔප්පු ලබාදීම සුදුසු බව, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ප්‍රධාන අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති බවත්;
(iii) එම ගුරු ගම්මානයේ ඉඩම්ලාභී ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුදෙනා මේ වනවිට නිවාස ඉදිකර එම නිවාස සඳහා විදුලිය හා ජලය ලබාගෙන පදිංචි වී සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) යහපාලන රජය බලයට පත්වීමෙන් පසු, රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අදාළ ගුරු ගම්මානය ඉවත් කර නැවත එම ඉඩම් පවරා ගත යුතු බවට කරන ලද ඉල්ලීමට අනුව, ඉඩම්ලාභීන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-23
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks