පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0294/10 ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 1991.08.25 දින ලංගම ජනතාකරණය කිරීමෙන් පසු 2002 වර්ෂය දක්වා විශ්‍රාම ගිය සේවකයන්ට මුල් පත්වීමේ දින සිට පාරිතෝෂික ගෙවීමට ශ්‍රී ලංගමය බැඳී සිටින බව එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) මුල් පත්වීමේ දින සිට ඔවුන්ට පාරිතෝෂික ගෙවීමට නොහැකි බවට ශ්‍රී ලංගමය අධිකරණ තීන්දුවක් ඉල්ලා සිටියේද; (ii) එම අධිකරණ තීන්දුව කුමක්ද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) (i) කම්කරු කොමසාරිස්වරයා විසින් එම විශ්‍රාමිකයන්ට පාරිතෝෂික ගෙවන ලෙස උපදෙස් ලබා දී තිබේද; (ii) එසේ නම්, ඒ විශ්‍රාමික සේවකයින් කී දෙනෙකු සඳහාද; (iii) ගෙවීමට ඇති මුළු මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) එම විශ්‍රාමිකයන්ට පාරිතෝෂික ගෙවීමට කටයුතු නොකරන්නේ මන්ද; (ii) එම මුදල් කඩිනමින් ගෙවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-20
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks