01

E   |     |  

 දිනය: 2016-03-10   පිළිතුර ලබා දී ඇත 

0377/2016: Appointments for graduates who passed Western provincial recruitment exams

377/’15

 

ගරු ප්‍රසන්න රණතුංග මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2011 වර්ෂයේදී බස්නාහිර පළාත් සභාව මඟින් උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා පැවැත්වූ තරඟ විභාගයට පෙනී සිටි උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(ii) සමත් වූ උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iii) සමත් වූ සියලු දෙනාට මේ වනවිට පත්වීම් ලබාදී තිබේද;

(iv) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2014.12.27 බස්නාහිර පළාත් සභාව මඟින් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති තරඟ විභාගයට පෙනී සිටි උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(ii) සමත් වූ උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනවිට ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව කොපමණද;

(iv) පත්වීම් ලබා දී නොමැති නම්, එයට හේතු කවරේද;

(v) ඔවුන්ට පත්වීම් ලබා දෙන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත අ (i) හි සඳහන් විභාගයෙන් ගුරු පත්වීම් ලැබීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ නොකළ උපාධිධාරීන්ට බස්නාහිර පළාත් සභාවේ සංවර්ධන නිලධාරි පත්වීම් ලබාදුන් බව දන්නේද;

(ii) ඉහත ආ (i) හි සඳහන් විභාගයෙන් සමත් නොවූ උපාධිධාරීන්ද එලෙස බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනවල සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නේද;

(iii) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-10

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks