පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
364/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 ජූලි මස දඹුල්ලේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය අතරතුර, ජූලි 18 දින රාත්‍රියේ ඉන්දීය ක්‍රීඩකයෙකු රැඳී සිටි කණ්ඩලම හෝටල් කාමරයක් තුළට කාන්තාවක් ගිය බවත්, ඇය රැය පහන්වන තුරු එහි රැඳී සිටි බවත්;
(ii) මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් ක්‍රීඩා ආරක්ෂක උපදේශකවරයා විසින් එවකට ක්‍රිකට් ලේකම්වරයාට පිටපත් සහිතව ඉන්දීය කළමණාකරුට ලිඛිතව දැනුම් දුන් බවත්;
(iii) එම ලිපියෙහි අන්තර්ගතය අනුව අල්ලස් ලබාදීමේ උත්සාහයක් තිබූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ සම්බන්ධයෙන්,
(i) තරඟාවලිය සංවිධානය කළ රටෙහි ක්‍රිකට් ලේකම්වරයා විසින් ගත් පියවර කවරේද;
(ii) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගත් පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ලිඛිත වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව තිබේද;
(ii) එසේ නම්, ඒවා ඉදිරිපත් කරන්නේද;
(iii) නොඑසේ නම්, එම වාර්තා විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ කවුරුන්ද;
(iv) වාර්තා විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නේද;
(v) එම පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දරන්නෙකු වරදකරුවකු වුවහොත් ඔහු තනතුරෙන් ඉවත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-08
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එවැනි සිද්ධියක් ඇති වී තිබෙන බවත්;
(ii) එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපද්ශකවරයා වූ මේජර් ජනරාල් ලෝරන්ස් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා, අතිරේක ප්‍රධාන විධායක නිලධාරි සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන නිලධාරියාට පිටපත් සහිතව ඍජුව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුට එවැනි ලිපියක් යවා ඇති බවත්;
(iii) එම ලිපිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන නිලධාරියාට යවා තිබීම තුළින් එසේ අල්ලස් ලබා ගැනීමේ උත්සාහයක් තිබූ බව අදහස් වන බවත්;
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගනී.
(ආ) (i) 2010 වසරේ අන්තර් පාලන කමිටුවේ රැස්වීම් වාර්තා පරීක්ෂා කිරීමේදී මේ සිද්ධියට අදාළව කිසිදු සටහනක් නොමැති බව සනාථ කරමි.
(ii) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මේ පිළිබඳව ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැත.
(ඇ) (i) එවැනි කිසිදු පරීක්ෂණයක ලිඛිත වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව නොමැත. එසේ පරීක්ෂණයක් සිදු කළ බවටද කිසිදු වාර්තාවක් නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කළ යුතුව ඇති බව පිළිගනී.
(iv) ඒ පිළිබඳව වර්තමාන විධායක කමිටුව ඉදිරියේදී තීරණයක් ගනු ලබනු ඇත.
(v) එවැනි පරීක්ෂණයක් පැවැත්වුවහොත් එම පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-05-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks