04

E   |     |  

 දිනය: 2016-02-25   පිළිතුර ලබා දී ඇත 

0361/2016: රාජ්‍ය අමාත්‍යවරු : විස්තර

361/’15

 

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්තමාන රජයේ මුළු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම අමාත්‍යවරුන් වෙත පවරා ඇති විෂයයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඔවුන් වෙත  වෙන වෙනම අමාත්‍යාංශ කාර්යාල තිබේද;

(iv) එසේ නම්, එම කාර්යාල පිහිටි ස්ථානවල ස්ථිර ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-25

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව -19.

                (ii)         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  43(1) අනු ව්‍යවස්ථාව  අනුව අමාත්‍ය  මණ්ඩලයේ  අමාත්‍යවරුන්ට  පවරන  විෂයයන්  හා කාර්යයන්  අතිගරු ජනාධිපතිතුමා විසින් නිශ්චය කිරීමට  ප්‍රතිපාදන සලසා ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(5)  අනු ව්‍යවස්ථාව අනුව රාජ්‍ය  අමාත්‍යවරුන්ට  විෂයයන් හා කාර්යයන්  පැවරීම  ගරු අමාත්‍යවරුන්  සතු  කාර්යයක් වේ.

    (iii)  ඔව්.

    (iv)  අමුණා ඇත.*

 

(ආ)   අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks