පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
343/’15
ගරු කනක හේරත් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කාපට් අතුරා සංවර්ධනය කිරීමට යෝජනා කර තිබූ මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොල දක්වා වූ කි.මී. 26ක් දිග මාර්ගයෙහි සංවර්ධන කටයුතු හිජ්රාගම අල් අස්හර් විද්‍යාලය අසලට, එනම් කි.මී. 15කට සීමා කර තිබේද;
(ii) අඩි 40ක් පළලින් යුතුව ඉදිකිරීමට මුලින් සැලසුම් කර තිබූ එම මාර්ගයෙහි පළල අඩි 34කට සීමා කර තිබේද;
(iii) මේ ආකාරයෙන් උක්ත මාර්ගයේ මුල් සැලසුම් වෙනස් කිරීමෙන්, කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ, මාවනැල්ලෙන් හෙම්මාතගම මාර්ගය ආරම්භ වන ස්ථානයේ (S.O. හෝටලය අසල හංදිය) දිනපතා පවතින මාර්ග තදබදයට විසඳුම් ලැබෙන්නේද;
(iv) නොඑසේ නම්, එම ස්ථානයේ මාර්ග තදබදය අවම කිරීමට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-25
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත. මාර්ගයේ කිලෝමීටර් 26ක දුර ප්‍රමාණය කාපට් කර ඉදිකිරීමට යෝජිතව ඇත.
ව්‍යාපෘතියේ ආරම්භක දිනය - 2015.06.18
ව්‍යාපෘතිය අවසන් කරන දිනය - 2017.06.17
(ii) මාර්ගයේ මුළු දුර ප්‍රමාණයම එකම පළලකට ඉදිකිරීමට සැලසුම් කර නොතිබුණි. එය පහත සඳහන් පරිදි සැලසුම් කර ඇත.
මාවනැල්ල නගර සීමාව තුළ පමණක් අඩි 42ක පළලට සහ හෙම්මාතගම නගර සීමාව තුළ අඩි 40ක පළලට වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මාවනැල්ල සිට හෙම්මාතගම දක්වා කිලෝ මීටර් 15ක දුර ප්‍රමාණය අඩි 25ක් පළලට පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
හෙම්මාතගම සිට ගම්පොල දක්වා මාර්ග කොටසේ ඇති කඳු කැපීමේදී ඇති වන පාරිසරික බලපෑම හා අනතුරුදායක තත්ත්වය අවම කර ගැනීම සඳහා මාර්ග රක්ෂිතයේ ඉඩ ප්‍රමාණය ඇතුළත අඩි 15 - 20ක පළලකට පුඵල් කිරීමටද සැලසුම් කර ඇත.
(iii) මාවනැල්ල නගර සීමාව තුළ මීටර් 100ක පමණ දුරක් අඩි 42ක් පමණ පළල් කිරීමට යෝජිත බැවින්, මාවනැල්ල නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කර ගත හැකිය.
(iv) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කනක හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks