පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
338/’15
ගරු නාමල් රාජපක්ෂ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහින්දෝදය පාසල් 1000 වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ,
(i) ඉදිකිරීමට සැලසුම් කළ මහින්දෝදය විද්‍යාගාර සංඛ්‍යාව;
(ii) දැනට ඉදිකර ඇති මහින්දෝදය විද්‍යාගාර සංඛ්‍යාව;
(iii) දැනට ඉදිකර ඇති මහින්දෝදය විද්‍යාගාරවලින් සිසු අයිතියට පත්කර ඇති සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) තාක්ෂණ විෂයධාරාව සඳහා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර (තෙමහල් ගොඩනැගිලි) ඉදිකිරීම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ,
(i) ඉදිකිරීමට සැලසුම් කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංඛ්‍යාව;
(ii) දැනට ඉදිකර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංඛ්‍යාව;
(iii) දැනට ඉදිකර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරවලින් සිසු අයිතියට පත්කර ඇති සංඛ්‍යාව;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-25
අසන ලද්දේ
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 33 යි.
(ii) 32 යි. විස්තර ඇමුණුම 01හි* දක්වා ඇත
(iii) 32 යි.
(ආ) (i) 10යි. විස්තර ඇමණුම 02හි* දක්වා ඇත.
(ii) වැඩ අවසන් 5යි. 4ක ඉදිකිරිම් ඉටුවේ. (3ක් තීන්ත ආලේපය ආදී නිමකිරීම් වැඩ, 1ක් වහලේ වැඩ) තංගල්ල බාලිකා විද්‍යාලය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය වෙනස් කරන තෙක් ඉදිකිරීම් කර නැත. නමුත් හම්බන්තොට දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ගත් තිරණ අනුව හ/තංගල්ල බාලිකා විද්‍යාලය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව දකුණු පළාත් අධ්‍යපාන අධ්‍යක්ෂ විසින් දන්වා ඇත.
ඒ අනුව එම විද්‍යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයක ස්ථාපනය කිරිමට අංක 14/0841/530/028 හා 2014.07.13 දිනැතිව ලබා දුන් අමාත්‍ය මණ්ඩල තිරණය සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී. විස්තර ඇමණුම 03හි* දක්වා ඇත.
(iii) නිමකරන ගොඩනැඟිලිවල විද්‍යාගාර සහ පන්ති පැවැත්වීමට අනුමැතිය ලබා දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks