04

E   |     |  

 දිනය: 2016-02-24   පිළිතුර ලබා දී ඇත 

0337/2016: Political vengeance in SLTB after Presidential Elections 2015

337/’15

 

ගරු නාමල් රාජපක්ෂ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 ජනාධිපතිවර‍ණයෙන් පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සිදු වූ දේශපාලන පළිගැනීම් සංඛ්‍යාව කොපමණද;

            (ii)      දේශපාලන පළිගැනීම් නිවැරදි කිරීම සඳහා, සේවයෙන් නෙරපා හරිනු ලැබූ එම නිලධාරීන්, ඔවුන් සිටි තනතුරුවල නැවත සේවයෙහි පිහිටුවා තිබේද;

(iii) මුදල් වංචා, විනය විරෝධී කටයුතු ඇතුළු බරපතල චෝදනාවලට ලක් වූවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව, 2015 ජනාධිපතිවර‍ණයෙන් පසු දේශපාලන නිර්දේශ මත යළි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත කොට හෝ සේවයෙහි පිහිටුවා තිබේද;

(iv) එසේ නම්, ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-24

අසන ලද්දේ

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks