පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
319/’15
ගරු ජයන්ත සමරවීර මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.11.15 දින වනවිට ශ්‍රී ලංකාව තුළ රජය සතු ඉඩම් ප්‍රමාණය;
(ii) එකී ඉඩම් අතරින් බදු දී ඇති ඉඩම් ප්‍රමාණය;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජය සතු එක් එක් ඉඩමේ නම හා ප්‍රමාණය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) බදු දී ඇති එක් එක් ඉඩමේ නම, ප්‍රමාණය, බදු දී ඇති කාලය, වාර්ෂික බදු කුළිය හා ඉඩම පිහිටා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට රජය සතු ඉඩම් විකිණීමට හෝ බදුදීමට සැලසුම් කොට තිබේද;
(ii) විකිණීමට හෝ බදු දීමට සැලසුම් කොට තිබෙන ඉඩම් කවරේද;
(iii) එම ඉඩම් විකුණනු ලබන හෝ බදු දෙනු ලබන පුද්ගලයින් කවුරුන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-24
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks