බලන්න

04

E   |     |  

 දිනය: 2016-02-09   පිළිතුර ලබා දී ඇත 

0314/2016: ඇඹිලිපිටිය, ජනාධිපති විද්‍යාලය: දරුවන් ඇතුළත් කර ගැනීමේ අක්‍රමිකතා

314/’15

 

ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඇඹිලිපිටිය, ජනාධිපති විද්‍යාලයේ පළමු වසරට දරුවන් ඇතුළත්කර ගැනීමේදී අක්‍රමිකතා සිදු වී ඇති බවත්;

             (ii)       විදුහල්පතිවරයා  ඒ සඳහා සෘජුවම සම්බන්ධ වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) මේ සම්බන්ධයෙන් ජාතික පාසැල් අධ්‍යක්ෂ විසින් පරීක්ෂණ පවත්වා තිබේද;

(ii) එසේ නම්, පරීක්ෂණ පැවැත්වූ දිනය කවරේද;

(iii) එම පරීක්ෂණවල ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) අක්‍රමිකතා සඳහා සම්බන්ධ වී ඇති විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(ii) මෙම විදුහලේ අනාගතය වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.  2015 වර්ෂයට අදාළව සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු පිළිබඳ පැමිණිලි ලැබී ඇත.

              (ii)      ඔව්.

(ආ)         (i)      ජාතික පාසල් අංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය පරීක්ෂණයක් පවත්වා ඇත.

              (ii)      2015.08.07

             (iii)      එම පරීක්ෂණවල නිර්දේශයන්ට අනුව විදුහල්පතිගෙන් නිදහසට කරුණු විමසා ඇත.

(ඇ) (i) නිදහසට කරුණු විමසා ඇති බැවින් ඒ පිළිතුරු අනුව විනයානුකූලව පියවර ගනු ලැබේ.

(ii) මෙම පාසලේ අනාගත කටයුතු ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු හා උපදෙස් අමාත්‍යාංශය වෙතින් ලබා දෙනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks