පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
309/’15
ගරු හේෂා විතානගේ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ, පිටකොටුව ආසන්නයේ ඉදිකරන ලද පාවෙන වෙළඳසැල් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබූ ආයතනය කවරේද;
(ii) ඒ සඳහා වැයකරන ලද මුදල කොපමණද;
(iii) එම මුදල යොදවන ලද ආයතනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එහි ඉදිකරන ලද මුළු වෙළඳසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) වෙළඳුන් සඳහා පවරන ලද වෙළඳසැල් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට වසා දමා ඇති වෙළඳසැල් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම ව්‍යාපෘතිය මගින් රජය උපයන මාසික දළ ආදායම කොපමණද;
(ii) ව්‍යාපෘතිය මගින් පාඩු ලබන්නේ නම්, එම මාසික පාඩුව කොපමණද;
(iii) මේ වනවිට මෙම ව්‍යාපෘතිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන්නේද;
(iv) අසාර්ථක නම්, ඒ සඳහා බලපා ඇති කරුණු කවරේද;
(v) මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළක් පවතින්නේද;
(vi) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-27
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරිය
(ii) රුපියල් මිලියන 410යි.
(iii) සම්පූර්ණ මුදල නාගරික සංවර්ධන අධිකාරිය විසින් යොදවන ලදී.
(ආ) (i) 107.
(ii) 102.
(iii) කඩ කාමර 46ක්.
(ඇ) (i) මසකට අය විය යුතු කුලී ආදායම රුපියල් 771,400.00ක් වේ. එනමුදු පසු ගිය තෙමස තුළ අය වී ඇති මුදලෙහි සාමාන්‍ය වටිනාකම රුපියල් 70,000.00ක් පමණ වේ.
(ii) මාසික පාඩුව රුපියල් 150,000.00ක් පමණ වේ.
(iii) නැත.
(iv) පදික වේදිකාවේ වෙළඳාම් කරමින් සිටි මෙම ව්‍යාපාරිකයින් අලුතින් තනන ලද මෙම වෙළෙඳ පොළට ගෙන යන ලද්දේ ඔවුන්ගේ විරුද්ධතා මධ්‍යයේය. තවද, පදික වේදිකාවේ මොවුන් සමඟ වෙළෙඳාම් කරමින් සිටි සෑම දෙනාම නව කඩ පේළියට ගෙන ඒමට නොහැකි වී ඇත. බොහෝ විට නව කඩ පේළියේ ඇතුළත් කඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම මෙයට හේතු වී ඇතැයි සිතමු.
නව කඩ පේළිය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයට මුහුණලා නොවන අතර, ඒ අසලින් පදිකයින් ගමන් නොකරයි. එබැවින්, කලින් පදික වේදිකාවේ තිබූ කඩවලින් සමහරක් එතැනම ගනුදෙනු කරමින් සිටීම හේතුවෙන් භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවන් ඔවුන්ගෙන් එම භාණ්ඩ මිලදී ගන්නවා විනා, කිසියම් දුරක් ගමන් කර නව වෙළෙඳ සැලට පැමිණිය යුතු හෙයින්, ඒ කරා පැමිණි ගැනුම්කරුවන් ඉතා අල්ප විය.
තවද, බේරේ වැවේ එක් මායිමක සාදා තිබූ නව කඩ පේළියට ළඟා වීම සඳහා වැව උඩින් තනා තිබුණේ එක පාලමක් පමණි. එබැවින්, කඩ පේළියේ කොන්වල ස්ථානගතවී සිටි කඩවලට පැමිණීම සඳහා ගැනුම්කරුවන්ට සැලකිය යුතු දුර ප්‍රමාණයක් පයින් ගමන් කළ යුතුව තිබුණි.
බේරේ වැවේ වතුරින් නැඟෙන දුර්ගන්ධය තවත් බාධාවක් විය. විශේෂයෙන්ම මෙහි විවෘත කර තිබූ ආපනශාලා දෙක වෙත පැමිණි පාරිභෝගිකයින්ට එම දුර්ගන්ධය මහත් බාධාවක් විය.
(v) ඔව්.
(vi) නව වෙළෙඳ පොළ වෙත පාරිභෝගිකයින් ඇද ගැනීම සඳහා නොයෙක් පියවර ගන්නා ලදී. සුරතල් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ද, මල් පැළ වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයින් සඳහාද නව වෙළෙඳ පොළෙහි ස්ථාන වෙන් කරන ලදී. බේරේ වැවේ සවාරියක් යාම සඳහා බෝට්ටු කිහිපයක් හඳුන්වා දෙන ලදී. එයද කරන ලද්දේ පිරිස් වෙළෙඳ පොළ කරා ආකර්ෂණය කර ගැනීම පිණිසය. මෙවැනි පියවර කිහිපයක් ගත් නමුදු පහසුවෙන් භාණ්ඩ මිලදී ගත හැකි මෙවැනිම වෙළෙඳ කුටි පදික වේදිකාවේ තිබූ හෙයින් සැලකිය යුතු දුරක් පයින් ගමන් කර නව වෙළෙඳ පොළ කරා පාරිභෝගිකයින් ගෙන්වීම අසාර්ථක විය.
මේ සියල්ල සලකා බලමින් පිටකොටුවේ පදික වෙළෙඳ ගැටලුව විසඳෙන ලෙස දිගු කාලීන සැලැස්මක් පිටකොටුව යෝජිත ප්‍රවාහන මධ්‍යස්ථානය, පිටකොටුව යෝජිත වෙළෙඳ මධ්‍යස්ථානය, කොටුව යෝජිත වාණිජ මධ්‍යස්ථානය, වරාය නගරය, තොග භාණ්ඩ හා ගුදම් මධ්‍යස්ථානය ඉදිකිරීම හරහා සැලසුම් කරමින් ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-01-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks