පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
301/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝක වෙළඳපොළෙන් බොරතෙල් මිලදී ගත් දින සිට දේශීය වෙළඳපොලේදී පාරිභෝගිකයාට විකිණීම දක්වා ගතවන කාලය කොපමණද;
(ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2014 නොවැම්බර් මාසය සහ 2015 අගෝස්තු මාසය තුළදී බොරතෙල් මිලදී ගත් මාසික සාමාන්‍ය මිල කවරේද;
(iii) ලෝක වෙළඳපොළෙන් පෙට්‍රල් මිලදී ගත් දින සිට දේශීය වෙළඳපොළේදී පාරිභෝගිකයාට විකිණීම දක්වා ගතවන කාලය කොපමණද;
(iv) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2014 දෙසැම්බර් මාසය සහ 2015 සැප්තැම්බර් මාසය තුළදී පෙට්‍රල් මිලදී ගත් මාසික සාමාන්‍ය මිල කවරේද;
(v) 2015 ජනවාරි 09 වැනි දින සහ 2015 ඔක්තෝම්බර් 09 වැනි දින ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක සිල්ලර මිල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ලෝක වෙළඳපොළේ ඛනිජතෙල් මිල පහත වැටීමේ වාසිය පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ මන්ද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-26
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දින 45ත් දින 60ත් අතර
(ii) බොර තෙල් බැරලයක මාසික සාමාන්‍ය මිල
|
වර්ෂය |
ඇමෙරිකානු ඩොලර් |
|
2014 නොවැම්බර් |
77.45 |
|
2015 අගෝස්තු |
51.30 |
(iii) දින 30ත් දින 45ත් අතර.
ඔබතුමාට අවශ්‍ය නම් ඒකේ breakdown එක දෙන්න මට පුළුවන්.
(iv) පෙට්‍රල් බැරලයක මාසික සාමාන්‍ය මිල
|
වර්ෂය |
ඇමෙරිකානු ඩොලර් |
|
2014 දෙසැම්බර් |
72.95 |
|
2015 සැප්තැම්බර් |
64.87 |
(v) පෙට්‍රල් ලීටරයක සිල්ලර මිල
|
දිනය |
පෙට්‍රල් වර්ගය |
ලීටරයක මිල (රුපියල්) |
|
2015.01.09 |
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් |
150.00 |
|
|
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් |
158.00 |
|
2015.10.09 |
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් |
117.00 |
|
|
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් |
128.00 |
(ආ) ජාත්‍යන්තර මිල මට්ටම් ඉතා අධික අවස්ථාවලදී පවා දේශීය පාරිභෝගිකයා සඳහා මෙන්ම බලශක්ති නිෂ්පාදනයට ද අවශ්‍ය වන ඉන්ධන සහනදායී මිලට ලබා දීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීම. ඒ හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුව මඟින් ණය ලබා ගැනීමට සිදු විය.
ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොර තෙල් ඒ වාගේම පිරිපහදු කළ තෙල්වල මිල අධික අවස්ථාවේත් අපි දේශීය පාරිභෝගිකයාට අඩු මිලක් ලබා දුන්නා. ඒ කියන්නේ, සහනදායී මිලකට දුන්නා. ඒ වාගේම බලශක්ති නිෂ්පාදනයටත් සහනදායී මිලකට ලබා දුන්නා. ඒ නිසා අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය පිරිහීමකට පත් වුණා. ඒ නිසා ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන් ණය ගන්න සිද්ධ වුණා.
2016 පෙබරවාරි 17 දින වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා ගෙන තිබූ විදේශ විනිමය ණය සඳහා ලංකා බැංකුවට රුපියල් මිලියන 94,602ක් හා මහජන බැංකුවට රුපියල් මිලියන 171,727ක් විය. සංස්ථාව මෙම ණය මුදල් වෙනුවෙන් මසකට පොලිය ලෙස රුපියල් මිලියන 1,200ක් බැගින් ඉහත බැංකුවලට ගෙවීම් සිදුකරයි. මීට අමතරව 2016.02.17 දින වන විට ආනයනික බිල්පත් වශයෙන් රුපියල් මිලියන 54,739ක් හා රුපියල් මිලියන 28,019ක් පිළිවෙළින් ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවීමට ඇත.
ඉන්ධන ආනයනය කිරීමට යොදා ගන්නා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 9.2කින් අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන ආනයන සඳහා වැඩිපුර රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත.
මේ හේතුව නිසා තමයි අපට පාරිභෝගිකයාට සහනයක් ලබා දීමට බැරි වෙලා තිබෙන්නේ. නමුත් ජනවාරි මාසයේ අපි මිල අඩු කිරීමක් සිදු කළා.
එසේම පෙට්‍රල් 92 වර්ගය හා 95 වර්ගයේ පෙට්‍රල් ලීටර 01ක් සඳහා රජය විසින් පිළිවෙළින් රුපියල් 65.44ක් හා රුපියල් 65.70ක් බදු වශයෙන් අය කරයි. එහි සාරාංශ ගත ලීටරයක විස්තර පහත සඳහන් වේ.
ඉහත කරුණු ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල පහත වැටීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට නොහැකි වීමට බලපා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-02-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks