පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
288/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරන මෑන් පවර් සේවකයින්ගේ සේවය ස්ථිර කරන්නේද;
(ii) මෑන් පවර් සේවකයන් අලුතින් බඳවා ගැනීමක් සිදු කරන්නේද;
(iii) එසේ නම්, බඳවා ගැනීමේ ක්‍රමවේදය කවරේද;
(iv) බඳවා ගැනීම් සිදු කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-11
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
''මෑන්පවර්'' ආයතනවලින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සේවකයින් බඳවා ගෙන නොමැත. නමුත් රාජකාරී කිරීමේදී ඇති වන අත්‍යවශ්‍යම කටයුතු සඳහා ඒ ඒ අවස්ථාවන්ට අනුව සේවයේ යෙදවීම පිණිස පුවත් පත් දැන්වීම් පළ කර මිල ගණන් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කොට අදාළ සේවාවන් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා කොන්ත්‍රාත්තුවට අදාළ වූ ප්‍රමාණ බිල්පත්වලට අනුව ගෙවීම් කටයුතු සිදු කර ඇත.
(ii) නැත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඇති සේවක නිර්ණය - cadre position - අනුව පමණක් අලුත් සේවකයින් බඳවා ගෙන ඇත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks