පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
287/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කොළොන්නාව ප්‍රදේශය හරහා ගමන් කරන්නා වූ මාර්ග අංක 151, 714 සහ 166 සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස් රථ යොදවා නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම මාර්ගවල බස්රථ නොමැති වීම නිසා පීඩාවට පත්වන පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) මෙම මාර්ගවල ශ්‍රීලංගම බස්රථ යෙදවීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් සකසන්නේද;
(iii) එසේ නම්, එම මාර්ගවල ගමනාගමන කටයුතු ආරම්භ කිරීමට ගතවන කාලය කොපමණද;
(iv) එම මාර්ගවලට යොදවන බස් රථවලට පෞද්ගලික මගී ප්‍රවාහකයින්ගෙන් හා අනිකුත් කණ්ඩායම්වලින් එල්ල වන තර්ජන හා පීඩා වැළැක්වීමට වැඩපිළිවෙළක් සකස් කරන්නේද;
යන්න එතුමා මේ සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-11
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) එම මාර්ග සඳහා එක් බස් රථය බැගින් යොදවා තිබූ අතර, 714 හා 166 මාර්ගවල යෙදවූ බස්රථ තාවකාලිකව නවතා ඇත.
(ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී සමීක්ෂණ සිදු නොකරනු ලබන අතර, මගී සමීක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගිනි. කෙසේ වුවද, පීඩාවට පත්වන මගීන් පිළිබඳව අප ආයතනය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.
(ii) මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ බස් හිමියන් මගින් ලබා දෙන නිර්දේශ මත මෙම මාර්ගවල ශ්‍රී ලංගම බස්රථ ධාවනයට ස්ථිර වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
(iii) පෞද්ගලික බස් රථ හිමියන් හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ලබාදෙන සහයෝගය මත එම මාර්ගවල ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.
පිළිතුරු දුන් දිනය
2016-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks