04

E   |     |  

 දිනය: 2016-01-28   පිළිතුර ලබා දී ඇත 

0283/2016: "ළඟම පාසල ‍හොඳම පාසල" වැඩ පිළිවෙළ : විස්තර

283/’15

 

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සෑම ජාතික පාසලකටම එක හා සමාන ප්‍රතිලාභ ලබා දෙන්නේද;

             (ii)       එසේ නොවේ නම්, ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදයක් තිබේද;

            (iii)       එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2007 වර්ෂයේදී එවක අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මුල්ගල තබන ලද කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;

(ii) එම පාසලේ පවතින ගුරුවරුන් 13කගේ පමණ ගුරු හිඟය පිරවීමට ගත විය හැකි කාලය කොපමණද;

(iii) එම පාසලේ අබලන් ගොඩනැගිලි නවීකරණය සඳහා පියවර ගන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) “ළඟම පාසල ‍හොඳම පාසල” යන වැඩපිළිවෙළ කොපමණ කාලයකින් ආරම්භ කරන්නේද;

(ii) ඒ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක හා සමාන පාසල් සංඛ්‍යාවක් තෝරා ගන්නේද;

(iii) එසේ නම්, එම පාසල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම වැඩපිළිවෙළ සෑම ප්‍රදේශයකම සමගාමීව ආරම්භ කරන්නේද;

(v) ප්‍රමුඛතාවය ලබාදෙන ප්‍රදේශ තිබේද;

(vi) එසේ නම්, එම ප්‍රදේශ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-28

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පාසල්වලට ප්‍රතිලාභ ලබා දීමේදී පාසල්වල පවතින සුවිශේෂි අවශ්‍යතාවන් සැලකිල්ලට ගනු ලැබේ.

              (ii)      ඔව්.

             (iii)      ඔව්. ඉහත පිළිතුරෙන් ආවරණය වේ.

(ආ)         (i)      2016 වර්ෂයේදී.

              (ii)      ජාතික පාසල්වල පවතින ගුරු හිඟය පියවීම සඳහා ජනවාරි අවසන් සතිය වන විට ගැසට් නිවේදනයක් පළ කිරීමට කටයුතු කරනු ලබන අතර, එහිදී සියලු ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවාගැනීමට නියමිතව ඇත.

(iii) ඔව්.

(iv) ඔව්. 2016 අප්‍රේල් මස ආරම්භ කිරීමට නියමිතය.

(ඇ) (i) 2016 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

(ii) නැත.

(iii) සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකටම පාසල් 1ක් හෝ 2ක් තෝරාගැනීමට නියමිතය. (ඉතා සුවිශේෂි අවස්ථාවලදී පමණක් මෙම පාසල් සංඛ්‍යාව වැඩි හෝ අඩු විය හැකිය.)

(iv) ඔව්. එය සෑම ප්‍රදේශයකම සමගාමීව ආරම්භ කිරීමට නියමිතය.

(v) නැත. සෑම පළාතකම ව්‍යාප්ත කිරීමට නියමිතය.

(vi) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2016-01-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks