පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
282/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළොන්නාව ප්‍රදේශය, මත්කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බව පිළිගන්නේද;
(ii) එසේ නම්, මසකට මෙම ප්‍රදේශය හරහා බෙදා හැරෙන මත්කුඩුවල වටිනාකම තක්සේරුකර තිබේද;
(iii) කොළොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන මත්කුඩු බෙදා හැරීම නැවැත්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iv) ඒ සඳහා ගත විය හැකි කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-28
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) කොලොන්නාව පමණක් නොව මුළු දිවයිනම ආවරණය වන පරිදි ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය, ශ්‍රී ලංකා පොලීසිය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිගණක දත්ත ගබඩගත තොරතුරු රැස්කිරීමට, එම බුද්ධි තොරතුරු විග්‍රහ කිරීමට, මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ප්‍රතිපත්ති හා උපාය මාර්ගයන් සැකසීමට සහ ජාත්‍යන්තර සබඳතා මඟින් සුදුසු විශේෂඥ සහාය හා බුද්ධි තොරතුරු ලබා ගනිමින් උපායශීලී මත්ද්‍රව්‍ය නිවාරණ උපක්‍රම භාවිතා කරමින් ශ්‍රී ලංකාව හරහා සිදු වන මත්ද්‍රව්‍ය හුවමාරුවට එරෙහිව කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමට ක්‍රියා කිරීම;
නිරන්තරයෙන් වැටලීම් කණ්ඩායම් යොදවා වැටලීම් සිදු කිරීම සහ නීතිමය පියවර ගැනීම;
වීථි මට්ටමේ මත්ද්‍රව්‍ය අළෙවිය සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීම හා අවදානම් කණ්ඩායම් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා පුහුණු වැඩ සටහන් ක්‍රියාවට නැඟීම;
පාසල් නොයන සිසුන්ගේ ප්‍රතිශතය අවම මට්ටමකට ගෙන ඒම;
පැල්පත් නිවාස ආශ්‍රිත ජන ජීවිතයෙන් අඩු ආදායම්ලාභී පවුල් මුදා ගැනීම;
මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය නිවැරදිව හඳුනා ගනිමින් එය බිඳ හෙළීම;
දේශපාලන මැදිහත්වීම්වලට ඉඩ නොතැබීම.
(iv) නිශ්චිත ලෙස කාලසීමාවක් දැක්විය නොහැකි නමුත්, ඉහත පරිදි මත්ද්‍රව්‍ය ඉල්ලුම් පහත හෙළීමේ හා මත්ද්‍රව්‍ය සැපයුම් වළක්වාලීමේ යන්ත්‍රණයක් නිවැරදිව ක්‍රියාවට නැංවීමෙන් වසර 05ත් 08ත් අතර කාලයක් තුළ කොලොන්නාව ඇතුළු මුළු දිවයිනේම මත්ද්‍රව්‍ය භාවිතය හැකිතාක් දුරට පාලනය කිරීමට සහ අවම කිරීමට අපේක්ෂා කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-01-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks