පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
270/’15
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාවික හමුදා දක්ෂිණ මූලස්ථානයේ, අවි ගබඩාවක වාණිජ නැව් වලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයින්ගේ අවි තැන්පත් කිරීම සිදු කළ කාලවකවානුව කවරේද;
(ii) එකී කාලවකවානුව තුළ එකී කටයුත්තෙන් නාවික හමුදාව ලැබූ ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගාලු වරායට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ ඇවන්ට්ගාඩ් සමාගම විසින් පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන ගිය කාලවකවානුව කවරේද;
(ii) එකී කාලවකවානුව තුළ එම කටයුත්තෙන් නාවික හමුදාව සහ සී/ස රක්නා ආරක්ෂණ ලංකා සමාගම ලැබූ ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම, ඇවන්ට්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට පවරා තිබේද;
(ii) එසේ නම්, එම සමාගම යම් නීතියක් උල්ලංඝණය කළ බවට අධිකරණයකින් ඔප්පු වී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-26
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks