04

E   |     |  

 දිනය: 2016-02-25   පිළිතුර ලබා දී ඇත 

0266/2016: මප/ගම්/අල්සෆා ප්‍රාථමික විදුහල: ඉඩමක් පවරා ගැනීම

266/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—)

(අ)      ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් නාවලපිටිය දුම්රිය ගබඩාවේ කොටසක මප/ගම්/අල්සෆා ප්‍රාථමික විදුහල පවත්වාගෙන යන බව එතුමා දන්නෙහිද?

(ආ)     භාවිතයෙන් තොර දුම්රිය ගබඩා ගොඩනැගිල්ලේ ‍නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන එම පාසල, ස්ථිර ලෙස පවත්වාගෙන යෑමට හැකි පරිදි එම ගොඩනැගිල්ල සකස් කිරීම සඳහා එකී ඉඩම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පවරාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-25

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        ඔව්.

(ආ)       නොහැකිය.

(ඇ)            වානීජ වටිනාකමකින් යුතු මෙම ගොඩනැඟිල්ල දෙපාර්තමේන්තු අවශ්‍යතා මත දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී ඇත. මෙම පාසල මෙම සථානයේ පවත්වාගෙන යාමෙන් දුම්රිය මෙහෙයුම්වලට බාධා පැමිණෙන අතර පාසලක් පවත්වාගෙන යාමට  සුදුසු පරිසරයක් මෙම සථානයේ නොමැත. 

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks