04

E   |     |  

 දිනය: 2015-12-19   පිළිතුර ලබා දී ඇත 

0257/2015: Padaviya - repairing damaged tanks

257/’15

 

ගරු ඉෂාක් රහුමාන් මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පසුගිය කාලයේ අඛණ්ඩව පැවති වර්ෂාව හේතුවෙන් අධික ලෙස හානියට පත්වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධාන ජලාශ 61ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පදවිය කෘෂිකර්ම ජනපද වාරිමාර්ග ක්‍රමය අවුරුදු 40කට වැඩි කලක් ප්‍රතිසංස්කරණය කර නොමැති බව, පදවිය ඒකාබද්ධ කෘෂිකර්ම සංවිධානයේ සභාපති විසින් දන්වා ඇති බවත්;

(ii) පූර්ණ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන පදවිය ප්‍රදේශයට සෑම කන්නයකදීම  නියමිත පරිදි වර්ෂාපතනය ලැබෙන බැවින් මෙම වාරිමාර්ග ක්‍රමය විධිමත්ව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෙන ඇති  පියවර කවරේද‍;

         යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)    නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-19

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks