පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0281/'10
ගරු ආර්. යෝගරාජන් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සිංහල භාෂාව පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයන් රාජ්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට සහාය දැක්වීම සඳහා වතුකරයේ ප්‍රදේශවලට පහසුකම් සපයන්නන් 500 ක් පත් කළ බවත්;
(ii) මෙම පහසුකම් සපයන්නන් අතරින් 250 කට වැඩි ප්‍රමාණයක් ගුරු වෘත්තිය වැනි රැකියාවලට යෑම සඳහා තම රැකියාව අතහැර ගොස් ඇති බවත්;
(iii) මෙම පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවද, එම පුරප්පාඩු තවමත් පුරවා නැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම පුරප්පාඩු පිරවීමට ගනු ලබන කාල සීමාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-03
අසන ලද්දේ
ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks