පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
233/’15
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) SML Frontier Automotives (Pvt.) Ltd. ආයතනය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්‍ඩර් රථ සපයා තිබේද;
(ii) එසේ නම්, සැපයූ රථ සංඛ්‍යාව සහ එම රථවල මුළු වටිනාකම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලෑන්ඩ් රෝවර් රථ අළෙවිය සඳහා මෙරට සිටින නියෝජිතයින් කවුරුන්ද;
(ii) ලෑන්ඩ් රෝවර් රථ මිලදී ගැනීමේදී, සැපයුම්කරු තෝරා ගැනීම සඳහා අනුගමනය කළ ප්‍රසම්පාදන ක්‍රමවේදය කවරේද;
(iii) මෙම රථ මිලදී ගැනීමේදී, ශ්‍රී ලංකා රජය විසින් ණයවර ලිපි විවෘත කර තිබේ නම්, ඒ කවර ආයතනයක් වෙනුවෙන්ද;
(iv) එම ආයතනය ලෑන්ඩ් රෝවර් රථ නිෂ්පාදකයාද;
(v) එසේ නොවන්නේ නම්, එම ආයතනයේ නම කවරේද;
(vi) SML Frontier Automotives (Pvt.) Ltd. ආයතනයේ හිමිකරුවන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
(vii) මෙම වාහන මිලදී ගැනීමේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී ඇති පැමිණිල්ලට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-27
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 60කි. මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති පරිදි, ඇමෙරිකානු ඩොලර් 23,22,000 (විසිතුන්ලක්ෂ විසිදෙදාහක්) හා දේශීය ගාස්තු හා වැට් බදු වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 69ක් වේ.
(ආ) (i) එස්එම්එල් ෆ්‍රොන්ටියර් ඔටෝමෝටිව්ස් පුද්ගලික සමාගම -SML Frontier Automotives (Pvt.) Ltd.
(ii) මෙම ලෑන්ඩ් රෝවර් ජීප් රථ ආනයනය කිරීමේදී රජය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව ක්‍රියා කර තිබේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් පවතී.
(iii) එංගලන්තයේ ගුවාවා ඉන්ටර්නැෂනල් ලිමිටඩ් - Guava International Limited - ආයතනය.
(iv) නැත.
(v) එංගලන්තයේ ජගුවර් ලෑන්ඩ් රෝවර් ඔටෝමෝටිව් - Jaguar Land Rover Automotive - PLC ආයතනය.
(vi) සෞම්‍ය දර්ශන මුණසිංහ, ශිවන්ත හරින්ද්‍ර සුධාරක මෙන්ඩිස්, තිලක් ඩයස් ගුණසේකර, රොෂ්ණි සමන්තා ප්‍රනාන්දු, සුමල් ජෝසප් සංජීව පෙරේරා සහ ෂෙරාන් ජෙරාඩ් එලියන් ප්‍රනාන්දු යන අයවලුන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වේ.
(vii) මෙම විමර්ශනයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 120/16 යටතේ කරුණු වාර්තා කර ඇති අතර තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-01-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks